දුෂ්කර පළාත්වල හින්දු කෝවිල් සියයකට ආධාර

Share Button

එළඹෙන තයිපොන්ගල් දිනය සැමරීම හා පුජා කටයුතු වෙනුවෙන් දුෂ්කර පළාත්වල තෝරාගත් හින්දු කෝවිල් 100 කට ආධාර පිරිනැමේ. ඒ සඳහා රුපියල් දස දහස බැගින් වු චෙක්පත් ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී  සිදුකෙරුනි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි. කොළඹ කළුතර කෑගල්ල රත්නපුර හා ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිල් සඳහා සංකේතවත් ලෙස චෙක්පත් ප්‍රදානය කිරිම සිදුවිය. අනෙකුත් කෝවිල් සඳහා එම ප්‍රදාන දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරේ.

මීට පෙර නව රාත්‍රි උත්සවය සඳහා රටපුරා තෝරාගත් කෝවිල් 40 කට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රුපියල් පනස් දහස බැගින් ප්‍රදානය කෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *