ගොවිතැනට හරි පාර

Share Button

ගොවි ජනතාව නිසි ක්‍රමවේදය යටතේ වගා කටයුතු සදහා යොමු කිරිමටත්, ඉහළ අස්වැන්නක් ලබාගැනිමට හුරු කිරිමත් අරමුණු කර ගනිමින් ගොවිතැනට හරි පාර ජාතික වැඩසටහන ආරම්භ කිරිමට සුදානම් වෙයි. අපේ කමත මහවැලි වැඩබිම තේමාව යටතේ ගොවි ජනතාව දැනුවත් කිරිමේ මෙම ජාතික වැඩසටහන හෙට දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහවැලි කලාප ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය මෙය සංවිධානය කරයි. බතලගොඩ වී පර්යේෂණායතනයේ විද්‍යාඥයෝ සහ ප්‍රවීනයෝ ඊට සම්බන්ධ වෙති.

මේ වනවිට මහවැලි කලාප 10 තුළ හෙක්ටයාර් ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් වගා කෙරේ. එම කලාපවලින් වසරකට වී මෙට්‍රිික් ටොන් නව ලක්ෂයක් ලබාගැනේ. එහි වටිනාකම රුපියල් බිලියන 45 කි. මෙම ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපවල වී අස්වැන්න හෙක්ටයාරයක් සදහා වී මෙට්‍රික් ටොන් 7.5 ක් දක්වා වැඩි කිරිම අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *