කිලෝ 22 ක දුර්ලභ පළිගුවක් අවිස්සාවේල්ල පතලකින් හමුවෙයි

Share Button

කිලෝ 22 ක දුර්ලභ ගණයේ පළිගුවක් අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් හමු වී තිබේ. මෙය දුර්ලභ පාෂාණයක් ලෙස හදුනාගෙන ඇත. එය තුළ දිය බුබුලක් පිහිටා ඇති බැවින් ඊට ඉහළ වටිනාකමක් හිමිවනු ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සදහන් කරයි. මෙහි බර කැරට් එක්ලක්ෂ දසදහසකි.

විශේෂයෙන් චූඩාමාණික්‍යය තැනිම සදහා පළිගු යොදා ගැනේ. මෙරට සෑම ප්‍රදේශයකින්ම පළිගු හමු නොවේ. පළිගු වර්ග කිහිපයක් ඇති බව ඒ පිළිබඳ විශේෂඥයෝ කියති. ඉන් චුඩාමාණික්‍යය සදහා ගනු ලබන්නේ සුදු සහ කහ පළිගුය. එවැනි පළිගු සොයා ගැනිම අසිරු ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *