රංජන් රාමනායකට අදාල නඩු තීන්දුව නිතියේ ස්වාධිනත්වය ආරක්ෂා කිරිමක් නිති විශේෂඥයෝ කියති

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට අදාල අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් වූ නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බැලු හෙයින් ඔහුගේ මන්ත්‍රිධුරයද අහෝසි වන බව නිති විශේෂඥයෝ කියති. වෙනත් අධිකරණයකින් දඩුවමක් දුන්නේ නම් ඊට අභියාචනායක් ඉදිරිපත් කළ හැකිය එහෙත් මෙම නඩුවේදි එසේ කළ නොහැක. ඔහුට පාර්ලිමේන්තුවට පිවිසිම තවත් වසර කිහිපයකින්ම ප්‍රමාද වනු ඇත. සිරදඩුවම අවසන් විමට වසර 04 ක් ගත වන අතර තවත් වසර 07 ක් ඔහුගේ ඡන්ද අයිතියද අහිමි වන බව ඔව්හු පෙන්වා දෙති. ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රි අසුන සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මීළග වැඩිම මනාපලාභියා වන අජිත් මාන්නප්පෙරුම මහතාට හිමිකම ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබිමෙන් පසු ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
නිතියේ සුරක්ෂිතතාව තහවුරු වන්නේ අධිකරණ පද්ධතිය ආරක්ෂා වුවහොත් පමණක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ නිති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. රංජන් රාමනායක මන්ත්‍රිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ දි ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය.

මෙම නඩු තීන්දුව ශ්‍රි ලාංකිය අධීකරණ ඉතිහාසයේ නිතියේ ස්වාධිනත්වය ආරක්ෂා කිරිමට මහෝපකාරී වු සුවිශේෂී නඩු තින්දුවක් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිතිඥ සංගමය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *