එංගලන්තය හා ශ්‍රි ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයට සූදානමින්

Share Button

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වෙය. කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ එංගලන්ත පිල ශ්‍රි ලංකාවේදී තරග වැදිම මෙරට ක්‍රිකට් ක්‍රිඩාව යලි ජාත්‍යන්තරයට ගෙන යන අවස්ථාවකි. මෙම තරගාවලිය ශ්‍රි ලංකා කන්ඩායමට බලාපොරොත්තු තබාගත හැකි තරගාවලියක් බවට පත්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩක සජිව විරකෝන් පවසයි. දගපන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතීරුවක් පවතින ගාල්ල ක්‍රිඩාංගනය තුළදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත. දුර්වලතා මගහරවා ගනිමින් එංගලන්ත පිල හමුවේ තරගකාරිව ක්‍රිඩා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකියාව ඇතැයි ඔහු තවදුරටත් පැවසිය.
වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ දගපන්දු යවන්නන් දෙදෙනෙකු හෙට තරගයට එක් කර ගැනිමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සූදානමින් සිටි. 2018 වසරේ පැවති එංගලන්ත පිලේ ශ්‍රි ලංකා සංචාරයේදී දග පන්දු යවන්නන් කඩුලු 100 ක් පමණ බිඳ හෙළිය. එහිදි එංගලන්ත දගපන්දු යවන්නන් කඩුලු 48 ක් බිඳ හෙලා තිබෙ. තරගාවලියේ නිල ගුවන්විදුලි මාධ්‍ය ලෙස ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්‍රියා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *