ස්පාඤ්ඤය හිමෙන් වැසී යයි
වසර 20 කට පසු ස්පාඤ්ඤයේ ශීතලම රාත්‍රිය ඊයේ උදා විය. එරට ප්‍රදේශ රැසකම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 25 ක් වී තිබිණි. මේ වනවිට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී තිබෙන අතර. පිලොමිනා අයිස් චණ්ඩ මාරුතය රටේ සියලු දෛනික කටයුතු අඩපණ කර තිබෙ. ජලාශ බොහොමයක්ම අයිස් බවට පත් වී ඇත. වැඩිම ජනතාවක් ශිතලෙන් පීඩාවට පත්ව ඇත්තේ මධ්‍යම ස්පාඤ්ඤයේය එහි හිම තට්ටුවල ඝනකම අඩි 08 ද ඉක්මවා ඇත. මේ වනවිට පුද්ගලයින් හත්දෙනෙකු අධික ශීතල හේතුවෙන් මියගොස් තිබෙ. වාහන රැසක්ම හිම තට්ටු අතර සිර වී ඇත. අවම වශයෙන් මාර්ග කිලෝමීටර් දොළොස් දහස් එකසියයක් හිමෙන් වැසි ගොස් තිබේ.