බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 ක් ආශ්‍රීතව අද සිට නැවත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 ක් ආශ්‍රීතව අද සිට නැවත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට ජනවාරී 05 වැනිදා දක්වා ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකෙරිණි. අද උදෑසන 6.00 න් අවසන් වු පැය 24 තුළදී මුහුණු ආවරණ පැලද නොසිටි පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාලු ලෑලිවල සේවය කරන 605 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ිසදුකර ඇත. ඔවුන් තිදෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පොලිස් විශේෂ කාර්යය බලකාය කොස්ගොඩ ප්‍රදේශයේ ඊයේ සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝග්රූම් 20 ක් පොලිස් භාරයට ගෙන ඇත. ඒවා කැලෑවක තිබී සොයාගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදුකෙරේ.