හිටපු ටී. එන්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතන නඩුවෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නිදහස්
හිටපු ටී. එන් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතන නඩුවෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නිදහස් කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ලේකම් මදිකුමාරතුරෙයි මහතා පවසයි. ඔහු ඇතුඵ තවත් 5 දෙනෙකු නිදහස් කර තිබේ. ඔවුන්ට එරෙහි නඩුව නිශ්ප්‍රභ කර ඇතැයි හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසීය. මඩකලපුව මහාධිකරණයේදී අද මෙම නඩුව විභාගයට ගැනිණ. නීතිපති දෙපාර්තමේන්තුව නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට දැනුම් දීමෙන් පසු විනිසුරු ඩී. සුසෙයිදාසන් මහතා මෙම නියෝගය කළේය. දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු ජොශප් පරරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනයට ලක්විය. එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබු ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා වසර 4 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඉකුත් නොවැම්බර් 24 වැනිදා ඔහුට අධීකරණය ඇප නියම කළේය.