හෙට තරගයට ශ්රි ලංකාවෙන් දග පන්දු යවන්නන් තිදෙනෙක්
ගාල්ලේදි හෙට ඇරඹෙන එංගලන්ත කණ්ඩායම සමග ප්රථම ටෙස්ට් තරගය සදහා ශ්රි ලංකා කණ්ඩායමට දග පන්දු යවන්නන් තිදෙනෙකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ පිතිකරුවන් 6 දෙනෙකු ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි. එංගලන්ත පිලට වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ දග පන්දු යවන්නන් දෙදෙනෙකුගේ සහාය ලබාගැනේ. ඩෑන් ලෝරන්ස් තම මංගල ටෙස්ට් තරගයට මුහුණදීමට හෙට සුදානමින් සිටී. 23 හැවිරිදි ලෝරන්ස් එංගලන්ත දේශීය ක්රිකට් තරග මාලාවේ දක්ෂතා දැක්වීමට සමත්විය. එංගලන්ත ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය පිළීබඳ සජීවී විස්තර ප්රචාරයක් ගෙනඒමට ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත.