මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න ඇප මත මුදාහැරේ
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් වනපරිදි ප්‍රකාශ නිකුත් කලේයැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදාහැරේ. ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය. ඒ අනුව සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශර්ර ඇප දෙකක් මතක මුදා හරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් වාර්තා කරන ලෙසද ඔහුට නියෝග කළේය.