අද උදෑසන කොවිඩ් 19 ආසාදිතයන් 588 ක්

Share Button

ශ්‍රී ලංකාවෙන් අද උදෑසන කොවිඩ් 19 ආසාදිතයන් 588 දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන්ගෙන් සිව් දෙනෙකු විදෙස්ගතව සිට පැමිණ ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 158 කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 147 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රිකකයෙන් 43 දෙනෙකු ලෙස ආසාදිතයන් හදුනාගෙන තිබේ. මිනුවන්ගොඩ සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොල පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වු සම්පුර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45 දහස් 748 කි. ඉන් පුද්ගලයන් 39 දහස් 863 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මේවනවිට දිවයිනෙන් වාර්තා වන සම්පුර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49 දහස් 539 කි. ඉන් පුද්ගලයන් 42 දහස් 620 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත. තවදුරටත් පුද්ගලයෝ 6 දහස් 675 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද උදෑසන වනවිට 244 දක්වා ඉහළ ගියේය. අද උදෑසන වනවිට තවත් මරණ 4 ක් වාර්තා විය. කොළඹ 13. හංවැල්ල මාතලේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින් එම මරණ වාර්තා විය. ඊයේ සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව 12 දහස් 139 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *