පාර්ලිමේන්තුවේදී පී සී ආර් පරීක්ෂණ 463 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 463 දෙනෙකු සදහා පී සී ආර් පරීක්ෂණ අද දිනයේ සිදුකළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුඵ මැතිඇමතිවරුන් 15 දෙනෙකු අද දිනයේ පී සී ආර් පරීක්ෂණවලට ලක්කර තිබේ. පාර්ලිමේන්තුවේ කාර්ය මන්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ද මෙසේ පී සී ආර් පරීක්ෂාවට ලක්කළ බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.