පහල වායු ගෝලයේ කැලඹිමක් හේතුවෙන් දිවයිනේ පලාත් කිහිපයකට තද වැසි
පහල වායු ගෝලයේ කැලඹිමක් හේතුවෙන් දිවයිනේ පලාත් කිහිපයකට අද දිනය පුරා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තද වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දොරටු තවදුරටත් විවෘත කර ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ කඩුවාන්කරයි ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී ඇත. එහි පවුල් 89 ක පුද්ගලයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් පිඩාවට පත්ව සිටිති. පොළොන්නරුව කව්ඩුල්ල ජලාශයේ වාන්දොරටු 12 න් 02 ක් විවෘත කර ඇත. අරලගන්විල පිඹුරැත්තාව ජලාශය වාන් දමමින් පවති. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය හා කව්ඩුල්ල ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇත. මැදිරිගිරියේ සිට සෝමාවතීය දක්වා මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරු කියයි. ගිරාදුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන්දොරටු තුනක් විවෘතව පවති. ඉරනමඩු ජලාශය වාන් දැමිම නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.