ඓතිහාසික දීඝවාපිය ප්‍රතිසංස්කරණ

Share Button

ඓතිහාසික දීඝවාපිය ප්‍රතිසංස්කරණ අරමුදල ලබන 22 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. කොළඹ සම්බෝධි විහාරයේදී ඊට අදාල උත්සවය පැවැත්වේ. ප්‍රතිසංස්කරණ වසර තුනක් ඇතුළත අවසන් කිරීම අපේක්ෂාවයි. රුපියල් බිලියනයක මුදලක් ඒ සදහා වැය කරන බව ආරක්ෂක ලේකම්වරයා කියයි. මේ සදහා පෞද්ගලිකව ආධාර කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදී ඇත. 07 60 92 41 56 අංකය අමතා ඊට අවශ්‍ය විස්තර ලබාගත හැකි වේ. චෛත්‍ය කැනීමේදී හමුවු සර්වඥ ධාතුන් වහන්සේ බැතිමතුන්ට වැඳපුදා ගැනීමට ප්‍රදර්ශනය කෙරේ. කොළඹ කුරුණැගල නුවර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සර්වඥ ධාතු ප්‍රදර්ශනය කරන බවද අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *