කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ හෝ බදුදීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි

Share Button

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ හෝ බදුදීමේ කිසිදු අපේක්ෂාවක් රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. වරාය වෘත්තිය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වින. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරක් සදහා චීන රජයට සම්පුර්ණයෙන් බදුදී තිබින. තමා බලයට පත්වීමෙන් පසු චීන සමාගම සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජයට සියයට 51 ක අයිතියක් තබා ගනිමින් කොටස්කරුවන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස ඉදිරියේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කෙරේ. සියලු වෘත්තිය සමිති නියෝජිතයන් එක්ව ඉදිරිපත් කරන යෝජනා ලබා ගැනීමට තමා සුදානම් බවද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඉදිරියේදී වරාය අධිකාරියට පැවරේ. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුඵල් කිරීමෙන් රැකියා අවස්ථාව උත්පාදනය වන බව මෙම අවස්ථාවට එක්වු ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපල සහ නොරොච්චෝලේ බලාගාරය විකිනීමට සකසා තිබු සැලසුම් වත්මන් රජය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඇතුඵ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *