ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දෝෂාභියෝගයට රිපබ්ලිකන් නියෝජිතයන්ගේ ද සහාය

Share Button

ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ මතයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඡන්දයක් පවත්වන බවද නියෝජිත මන්ත්‍රි මණ්ඩලය කියයි. පසුගිය සතියේ ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළේය. කැපිටල් ගොඩනැගිල්ලට පහරදීමට තම ආධාරකරුවන් දිරිමත් කළ බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර තිබේ. එම සිද්ධියේදී 05 දෙනෙක් මිය ගියහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්ද ජනාධිපතිවරයාට එරෙහිව මෙම දෝෂාභියෝගයේදී ඡන්දය භාවිතා කරන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. අද දිනයේදී එම දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ඩිමොක්‍රටික් දේශපාලන නියෝජිතයෝ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *