අධීක වර්ෂාව හේතුවෙන් වැව් රැසක ජල මට්ටම ඉහළට.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ වැව් සහ කුඩා වැව් විශාල සංඛ්‍යාවක් වාන් දමමින් තිබේ.දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා මෙම තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාවක ඊයේ නිරත විය.දිස්ත්‍රික්කයේ මහා වාරි ජලාශ 14 න් 9 ක් මේ වන විට වාන් දමා ඇත.පසුගිය දිනවල අඩි 15 ක් විවෘත කර තිබු කලා වැවේ වාන් දොරටු මේ වන විට අඩි 6 දක්වා පහත දමා ඇත.රාජාංගනය,මහවිලච්චිය,හා නාච්චදුව ඇතුලු වැව් ගණනාවක් ද වාන් දමමින් තිබේ.පදවිය ජලාශය මෙවර වාන් දැමුවේ වසර 6 කට පසුවයි.මෙම වැව් අවට ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඉල්ලිමක් කෙරේ