රුසියාවේ සියලු වැසියන්ට කොරෝනා එන්නත්.

Share Button

රුසියාවේ සියලු වැසියන්ට කොරෝනා එන්නත් ලබාදෙන ලෙස එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා උපදෙස් දෙයි. එරට නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත සමග එන්නත් ලබාදීමේ වැඩසටහන වේගවත් කරන ලෙස ඔහු ඊයේ නියෝග කළේය. වෛරසයේ විවිධ ප්‍රභේදවලට එරෙහිවද එන්නත් සංවර්ධනය කළයුතු බව ඔහු පෙන්වා දුන්නේය. රුසියාවේද කොරෝනා වෛරසය මේ දිනවල සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර දිනකට ආසාදිතයන් 20 දහසක් පමණ එරටින් හදුනාගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *