අද කාලගුණය

Share Button

මේ වන විට නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශයන්හි සුළං තත්ත්වයේ වැඩි වීම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මන්නාරම සහ යාපනය දිස්ත‍්‍රික්කයන්ට සිහින් වැසි අපේක්ෂිතය.
ඇතැම් ස්ථානයන්ට තරමක තද වැසි ඇති විය හැකිය. විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල,මාතර දිස්ත‍්‍රික්ක වල මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප‍්‍රදේශයන්හි තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාව ද පවතී. අකුණු අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *