සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන තෛපොංගල් දිනයේ අරමුණ ලෙසම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපවන බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අවධාරණය කරති.

Share Button

ලොව පුරා දමිල ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. මේ පිළිබඳ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසන්නේ කෘතගුණ සැලකීම මෙරට සමාජයේ අනන්‍යවු ලක්‍ෂණයක් බැවින් තෛපොංගල් උත්සවයෙන් දේශීය සාරධර්ම සංකේතවත් කරන බවයි. එබැවින් එය ජාතික සංස්කෘතියේ කොටසක් බව එතුමා සදහන් කරයි.හින්දු ජනයා තම පවුලට ඩ්€~රටට සහ සමස්ත ලෝකයාට අද දිනයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන අතර ජාතී ආගම් භේදයකින් තොරව ලක්වාසී සියලු දෙනාට සෞභාග්‍යය උදාකිරීම රජයේ ඒකායන පරමාර්ථය බවද ජනාධිපතිතුමා සදහන් කරයි.
ස්වභාව ධර්මයේ වටිනාකම සමානාත්මතාවට ගරු කිරීමේ වැදගත්කම මෙන්ම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි උතුම් මානුෂීය අදහස් පිළිබඳ තෛපොංගල් උත්සවයෙන් අවබෝධය ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. අභියෝගාත්මක කාල වකවානුවක වුවද සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා රජය කැපවී සිටින බව හෙතෙම සදහන් කරයි. මෙරට සාමය හා සංහිදියාව අපේක්ෂාව බවට පත්කර ගත් ජාතික සංහිදියාවේ දිනයක් බවට අදට යෙදී ඇති තෛපොංගල් දිනය පත්වනු දැකීම සියලු දෙනාගේ අපේක්ෂාව බව අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ එළඹුන නව වසර ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීම සදහා කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතුව කටයුතු කළයුතු බවයි. එම ජයග්‍රහණයට බාධා කරන අභියෝග නිවැරදිව හදුනාගෙන ඒවා පරාජය කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *