නෙලුව නගරයේ සති පොළේ කැලිකසළ බැහැර කිරීමට නියමිත ස්ථානයක් නොමැත
නෙලුව නගරයේ සහ එහි සති පොළේ කැලිකසළ බැහැර කිරීමට නියමිත ස්ථානයක් නොමැති වීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් උද්ගත වී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.නෙලුව ප්‍රාදේශිය සභාවේ පැරණි ගොඩනැගිල්ලේ කැලිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ආරම්භ කළ ද මේ වන විට එම කටයුතු අතරමග නතර වී ඇත.එබැවින් නෙලුව නරගයේ කැලි කසළ බැහැර කිරීමට විධිමත් ස්ථානයක් වෙන් කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.නෙලුව ප්‍රදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.