මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවයි.

Share Button

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ රාත්‍රිය වනවිට පනස් දෙදහස් 229 ක් වු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඉන් රෝගීන් 45 න් දහස් 770 දෙනෙකු ඉකුත් ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වී තිබෙ.් සුව වු රෝගීන්ගේ සංඛ්‍යාව 43 න් දහස් 267 කි. මරණ සංඛ්‍යාව 247 ක් බව හේමන්ත හේරත් මහතා සදහන් කරයි. ප්‍රතිකාර මධ්‍යස්ථාන 75 ක ඇඳන් 12 ස් දහස් 476 ක් පවතින අතර භාවිතයට ගන්නා ඇඳන් සංඛ්‍යාව 7705 කි. ඊයේ රාත්‍රි 10.00 වනවිට අලුතින් රෝගීන් 692 දෙනෙකු හමුවී තිබෙ.් පසුගිය පැය 24 තුලදී රසායනාගාර 27 ක සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 14 දහස් 329 ක් බව හෙතෙම පැවසීය. කොරෝනා නව ප්‍රභේදන් රට තුලට පැමිණීම පිලිබදව සහ ඒවා මැඩපැවැත්විම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරුණු පැහැදිලි කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *