වනජීවි කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්.

Share Button

වනජීවි කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව , සංචාරක අමාත්‍යංශය , පළාත් සභා හා පළාත් පාලන ආයතන සමග එක්ව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය කමිටු රැස්වීමට ඊයේ එක් වෙමින් ඔහු මේ බව සදහන් කළේය. මෙම දිස්ත්‍රික්කයට යාල ඩ්€ු ලුණුගම්වෙහෙර ,ගල්ඔය හා උඩවලව යන ජාතික වනෝද්‍යාන 4 අයත් වෙයි. එම වනෝද්‍යානවල සංචාරක ආකර්ශනීය ස්ථාන පරිසර හිතකාමී ස්ථාන ලෙස ප්‍රවර්ධනයට මේ වසරේ දිී රුපියල් මිලියන 600 ක් වෙන් කෙරේ. මොණරාගල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනීය ප්‍රචලිත ස්ථාන 52 ක් හදුනාගෙන ඇත. අප්‍රසිද්ධ ස්ථාන 87 ක් ද හදුනාගෙන ඇත. ඒවා ප්‍රචලිත කිරීමට ද පියවර ගැනේ. වනජීවි කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් ද සංවර්ධනය කෙරේ. වැල්ලවාය නගරයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකෙරේ. මෙම අවස්ථාවට එක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා මේ වසරට රුපියල් මිලියන 1500 ක් වෙන් කර ඇති බවයි. මේ වසරේ යෝජිත එකම ආර්ථික වෙලෙද මධ්‍යස්ථානය ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකෙරේ. ඊට අමතරව කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 2 ක්ද එහි පිහිටුවීමට නියමිතයි. පලතුරු වගා කරන ගොවිීන්ට රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා දෙයි. පලතුරු වගාව ප්‍රලිත කිරීමට රජය මේ වසර සදහා රුපියල් මිලියන 600 ක් වැය කරයි. මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 62 දහස් 717 ක වී වගා කර ඇත. බඩඉරිගු වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 42 දහස් 631 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *