ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හිඹිලියකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනතා ගැටඵ රැසකට විසඳුම්

Share Button

ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හිඹිලියකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනතා ගැටඵ් රැසකට විසඳුම් ලබාදී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් එම් ඊ කේ පෙරේරා මහතා පවසයි. ඒ අනුව ඉඩම් ඔප්පු ලබාදීම සදහා ඉඩම් කච්චේරි පවත්වා තිබේ. ඉඩම් ගැටඵ සදහා ජංගම සේවාව පවත්වා ඇත. එහි පිහිටි විදුහලක ගුරු නිවාසයක් සහ ක්‍රීඩාංගණයක් මේ වනවි ඉදිකර ඇති අතර පාසලට ගොඩනැගිල්ලක් ද ඉදිකෙරෙමින් පවතී. නිවාස 5 ක් ඉදිකිරිීමට කටයුතු කර තිබෙ.් පිළිකා රෝගියෙකුටද මුල්‍යාධාර සැපයීමට නියමිතයි. ප්‍රදේශයේ වැව් 2 ක් පිළිසකර කිරීම අවසන් අදියරේ පවතී. කිරි ගොවිීන්ට ණය ලබා ගැනිමේ ගැටඵවට විසදුම් ලෙස පුද්ගලික ඇප මත ණය ලබාදීමට බැංකු සමග එකගතාවලට පැමිණ ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි. පළාත් සභාවට අයත් හෙට්ටිපොල රුධිර කාන්දුකරණ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලා ඊට අදාල ඇස්තමේන්තු පළාත් සභාවට යොමු කර ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි. සියලු වැඩසටහන් පිළිබඳ නිරන්තරයෙන් පසු විපරම් කෙරෙන බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *