දේශීය සම්පත් සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටින බවට ප්‍රකාශයක්.

Share Button

වත්මන ්රජය බලයට පත් වුයේ දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීමේ පොරොන්දුව රටට ලබා දෙමින් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කරයි. වත්මන් රජය විපක්ෂයේ සිටියදී දේශීය සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සටන් කළේය. බලයට පත්වීමෙන් පසුද රජය තවදුරටත් ඒ සදහා කැපවී ක්‍රියා කරන බව ඔහු පවසයි. ඉකුත් රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ගිවිසුම්වලට එළැඹියේය. එය ලබාදීමෙන් පසු ජපානයෙන් ණය ගෙන එම මුදලින් එහි ඉදිකිරීම් සදහා වන උපකරණ මිලදී ගැනීමටද සැලසුම් කර තිබුණි. පසුගිය රජය හම්බන්තොට වරාය ද 99 වසරකට චීන රජයට සම්පුර්ණයෙන් බදු දුන් බව ඔහු පෙන්වා දෙයි. මෙරට ජනතාව සෑම විටම රජය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරයි. රටේ සම්පත් සුරක්ෂිත කර ගැනීම සදහා වෘත්තීය සමිතිවලට විශාල කාර්යභාරයක් පැවරේ. එබැවින් සියලු දෙනාගේ අදහස් හා යෝජනාවලට සවන් දී කටයුතු කිරීමට රජය ක්‍රියා කරයි. බලයේ සිටියදී රටේ සම්පත් සියල්ල විදේශිකයන්ට පැවරීමට ක්‍රියා කළ විපක්ෂය කෙරෙහි විශ්වාස තැබිය නොහැක. වත්මන් ්රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් ඩ්€ු නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ද කටයුතු කරන්නේ එම සිද්ධාන්තයට අනුකුලව බවත් ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *