මෙරට කොවිඩ් එන්නත් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය දත්ත ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමේ කටයුතු පෙබරවාරි මාසයේදී අවසන් කෙරේ.

Share Button

කෝවිඩ් රෝගය මර්ධනය සඳහා ලබාදෙන එන්නත්වල අධීක්ෂණයට අවශ්‍ය දත්ත ් ඖෂධ නියාමන අධිකාරියට ලබන සදුදා දින ලබාදීමට හැකිවනු ඇතැයි රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරයි. ඖෂධ සංස්ථාවේ මැදිහත්වීමෙන් එය සිදුකෙරේ. ඡාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. රුසියාවේ ස්පුට්නික් එන්නත, ඇමරිකාව , ඉන්දියාව සහ චීනය නිෂ්පාදන කර ඇති එන්නත් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය දත්ත ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී. පෙබරවාරි මස මුල් සතිය වනවිට මීට අදාල සියලු පරීක්ෂණ කටයුතු අවසන් කෙරේ. නිර්දේශ කරන එන්නත් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ද සභාපතිවරයා සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *