ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් පිහිටුවීමට රජයට යෝජනාවලියක්
ළමා හිතකාමි අධිකරණ පද්ධතියක් පිහිටුවීම කෙරෙහි යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. ඒ සදහා සුදුසු ස්ථාන සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලා අවසන් බව හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසීය.