ආසියානු බොදු සාම සමුඵවේ 13 වන විධායක කවුන්සිලයේ සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

ආසියානු බොදු සාම සමුඵවේ 13 වන විධායක කවුන්සිලයේ සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ විය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමින් වහන්සේ එහි මුලසුන දැරුහ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රුසියානු සහ මොන්ගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර් ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 වසරේ ජුනි මස 13 වැනිදා මොන්ගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස්වු ගිහි පැවිදි බෞද්ධ නායකයෝ ආසියානු බෞද්ධ සම්මේලනයේ ප්‍රථම සමුඵව පැවැත්වුහ. දෙවන සමුඵව ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ. මේ වනවිට ලොව සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ලබා ඇත. 13 වැනි විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත. කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට ලෙස ක්‍රියා කිරීම රට සුවිශේෂි ගෞරවයක් හා සෙසු රටවල් අතර සමිප සබඳතාවකට හේතුවනු ඇතැයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙයි. අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට සුම් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25 ක නියෝජිතයෝ එක්ව සිටියහ. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සමුඵවට සහභාගි විය. සමුඵවේ සංවිධායක කමිටු සභාපති පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ එහිදි ප්‍රකාශ කලේ සාමය පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ හා විවිධත්වය අනුව අර්ථ නිරූපනය කළ හැකි බවයි. එහෙත් එය සහජීවනය එකමුතුකම සහ සමගිය සදහා සමස්ත ලෝකයටම වැදගත් වන බවද උන්වහන්සේ පැවසුහ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය කළේය. මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය උක්හාන් ජින් කුරේල් සුක් මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුඵව ඇමතීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *