සිනමා කර්මාන්තයට යලි බදු සහන.

Share Button

සිනමා කර්මාන්තයට යලි බදු සහන හිමි වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධරය දරද්දී සිනමා කර්මාන්තයට දුන් සහන පසුගිය රජය කපා දැමිනි. එම සහන යලි ලබාදීමට අගමැතිවරයා තීරණය කර තිබේ. බදු සහන පසුගිය බදාදා සිට ක්‍රියාත්මකයි. සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ. චිත්‍රපට නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය සදහා භාවිත කරන තාක්ෂණික උපකරණ ආනයනය කිරීමේදී තීරුබදු සහන මේ යටතේ හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. චිත්‍රපයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන මුදලට බදු සහන සැපයීම කෙරෙහි ද අවධානය යොමුව ඇත. මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මකයි. දේශීය සිනමාකරුවන්ට හා චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුඵ ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව මගින් අයදුම් කිරීමෙන් මෙම බදු සහන ලබා ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *