කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් වශයෙන් පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.

Share Button

කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන තදබදයට පිළියමක් ලෙස ආරම්භ කෙරෙන පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කෙරේ. වාහන නියාමන බස් රථ සේවා , දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට බස් සේවාව ඇරඹෙයි. දිනපතා පෙරවරු 6.00 ට ආරම්භ කෙරෙන එම සේවාවට බස් රථ 64 ක් ඇතුලත්ය. ව්‍යාපෘතිය තවදුරටත් පුඵල් කිරීමේ අරමුණින් සුඛෝපභෝගී බස් රථ 200 ක් ආනයනය කිරීමට ඇමති ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ සංදේශයකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබිී තිබේ. සුරක්ෂිතව වාහන නවතා තැබීමේ පහසුකම් සහිත අංගන ස්ථාපිත කර ඇති අතර සුඛෝපභෝගී බස් රථ පමණක් ධාවනයට එක් කෙරේ. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම සිදු වෙයි. සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් එහිදී අය කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස් රථ ධාවනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *