අමෙරිකානු ආර්ථිකය නගා සිටුවීමට ජෝ බයිඩන්ගෙන් ඩොලර් ට්‍රිලියන 1.9ක සහන සැලැස්මක්
කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අමෙරිකානු ආර්ථිකය නගා සිටුවීම සදහා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන් මහතා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන එකයි දශම නවයක සහන සැලැස්මක් හදුන්වා දෙයි.
ඔහු ලබන සතියේ ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට පෙර මෙම සහන සැලැස්ම එළිදක්වා තිබේ. එය කොංග්රස් මණ්ඩලයේදී අනුමත වුවහොත් එම මුදලින් අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් එරට පවුල් වෙත ලබාදීමට නියමිතයි. අමෙරිකානු ඩොලර් 1400 ක මුදලක් සෑම අමෙරිකානුවෙකුටම ඍජුව ලබාදීමටද එම සැලැස්මෙන් අපේක්ෂා කෙරේ. ඊට අමතරව මෙම සහන පැකේජයෙන් කොරෝනා වෛරසය පිටුදැකීමට අමෙරිකානු ඩොලර් බිලියන 415 ක් යෙදවේ. තවත් අමෙරිකානු ඩොලර් බිලියන 440 ක් කුඩා ව්‍යාපාර නගා සිටුවීමට වෙන් කෙරේ.
කොරෝනා වසංගතයෙන් මේ වනවිට අමෙරිකාවේ තුන්ලක්ෂ 85 දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. සෑම දිනකම ලක්ෂ දෙකකට වැඩි ආසාදිතයන් පිරිසක් එරටින් වාර්තා වෙයි. දෛනික මරණ සංඛ්‍යාවද හාරදහස ඉක්මවා තිබේ.