කොවිඩ් එන්නත්කරණය විධිමත් වන්නේ නම් උපරිම සහාය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මීට වඩා සැලසුම් සහගත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක වන්නේ නම් ඊට පූර්ණ සහාය ලබා දෙන බව හෙතෙම කියයි. අද මාධ්‍ය හමුවක් අමතමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ වසංගතය මේ වසරේ දී අවසන් වන තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි. විවිධ රටවලින් වයිරසයේ ප්‍රභේද හමුවීම කෙරෙහි අවධානය යොමු විය යුතු. විශේෂයෙන් ශ්‍රීී ලංකාවේ සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *