පාසල් යළි විවෘත කිරීම පූජ්‍ය පක්‍ෂයේ පැසසුමට

Share Button

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් තවදුරටත් වසා නොතබා විවෘත කිරීමට පියවර ගැනීම හොද තීරණයක් බවත් ඊට ළමයින්ගෙන් හා දෙමාපියන්ගෙන් විශාල සහායක් හිමිවන බව දක්නට ලැබෙන බවත් මහ සංඝරත්නය පවසති. අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මල්වතු හා අස්ගිරි මහා විහාරවලට ඊයේ පැමිණි අවස්ථාවේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ ශ්‍රී විජතසිරි ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී ස්වාමින් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාර්ී පුජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ මේ බව සදහන් කළහ. පාසල් තවදුරටත් වසා තැබීමෙන් දරුවන්ගේ අනාගතයට බරපතල හානියක් සිදුවන බැවින් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමේ කිසිදු වරදක් නැතැයි උන්වහන්සේ පැවසුහ. දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන් අතර අමාත්‍ය ජී. එල්.පිීරිස් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. අනුරාධපුර ළමා නිවාසයක පසුගියදා සිදුවු බව පැවසෙන සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවත් එවැනි සිදුවීම් යළි ඇතිවීමට ඉඩ නොතබමින් වැරදිකරුවන්ට උපරිම දඩුවම්දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍ය ජී.එල්.පිීරිස් මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *