පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි
පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. මේ අතර පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා දෙදින පමණක් පැවැත්වෙන බව හෙතෙම ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදි සදහන් කළේය.
අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්විය.