පෑලියගොඩ සී සිටි වෙළෙඳ සංකිර්ණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරිම් ඇරඹෙයි.

Share Button

ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් සී සිටි වෙළෙඳ සංකිර්ණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරිම් අද පස්වරුවේ ඇරඹෙයි. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරු එම අවස්ථාවට එක්වෙති.
ඉදිකිරිම් ක්ෂේත්‍රයේ භාණ්ඩ හා සේවා එකම ස්ථානයකදි ලබාගැනිමට මෙමගින් ජනතාවට පහසුකම් සැලසේ. පෑලියගොඩ ඉදි කෙරෙන මෙම වෙළෙඳ සංකිර්ණය කඩකාමර 261 කින් සමන්විතයි. පලමු අදියර සදහා වැය කළ මුදල රුපියල් මිලියන 1500 කි.දෙවන අදියරට රුපියල් මිලියන 700 ක් වැය කෙරේ. ඉදිකිරිම් මාස හයකින් අවසන් කිරිම ඉලක්කය බව ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති භාග්‍ය ජයතිලක මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *