සිංහල චිත්‍රපට කලාව ආරම්භ වී වසර 74 ක් සපිරේ

Share Button

සිංහල චිත්‍රපට කලාව ආරම්භ වී අදට වසර 74 ක් සපිරේ. මෙරට ප්‍රථම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වීම ඇරඹුණේ 1947 වසරේ ජනවාරි 21 වැනිදාය. මේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශයට පත්කරන චිත්‍රපට සගරාවේ විශේෂ කලාපයක් අද එළිදැක්වේ. බෙනිල් සාන්ත මහතා මෙහි සංස්කාරකවරයායි. ඊට සමගාමීව ප්‍රථම වතාවට මෙම සගරාව ඊ සගරාවක් වශයෙන් ඩිජිටල් මාධ්‍යයෙන් ද අද එළිදැක්වීමට කටයුතු යොදා ඇතැයි චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී අමිල ජයකොඩි මහතා පැවසීය.

මේ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ දලුගම පිහිටි සරසවි චිත්‍රාගාරයේ නවීකරණ කටයුතු අවසන් කර විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදුවේ. මේ වන විට එම කටයුතු අංග සම්පූර්ණ ලෙස නිමකර ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී මධුර වනිගසේකර මහතා පැවසීය.

සිංහල සිනමා වංශ කතාවේ චිත්‍රපට ගීතාවලියේ තවත් ග්‍රන්ථ 02 ක් එළිදැක්වීම ද අද සිදුවේ. ප්‍රවීණ කලාකරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. 1968 වසරේ සිට 1971 වසර දක්වා සිංහල චිත්‍රපට ගීත සහ 1971 වසරේ සිට 1976 වසර දක්වා චිත්‍රපටවල ගීත ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථ දෙක රචනා කර ඇත. තමා 1947 වසරේ සිට 1976 වසර දක්වා සිංහල චිත්‍රපටවල ඇතුළත් වූ ගීත 2268 ක් නිවැරදිව ජනගත කර ඇතැයි සුනිල් ආරියරත්න මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *