බස්නාහිර පළාතේ පාසල් ලබන මස 15 වැනිදා විවෘත කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය
බස්නාහිර පළාතේ පාසල් ලබන මස 15 වැනිදා වනවිට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියයි.
බස්නාහිර පළාතේ පාසල් 907 ක අපොස සාමාන්‍ය පෙළ පන්ති පමණක් ලබන සදුදා ආරම්භ කෙරේ.සෙසු පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ ලබන මස 10වැනිදා වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව ලේකම්වරයා කියයි.
බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් අධ්‍යාපන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද ඔහු සදහන් කරයි.