ස්වාධීන කොමිෂන් සභාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා- අගමැති පවසයි

Share Button

ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්  හඳුන්වා දී තිබෙන බව පෙන්වා දුන්  අග්‍රාමාත්‍යවරයා  ලංකාවේ ක්‍රියාත්මක ස්වාධීන ක්‍රමය පිළිබඳව මුළු ලොවම ප්‍රසංශා කරන බවද පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරයන් හා සාමාජිකයන්ට ගෙවන දීමනා සංශෝධනය කිරීම පිණිස පැවති විවාදය අතරතුර දී අග්‍රාමත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා “ස්වාධීන කොමිෂන් සභා නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙනවා.ස්වාධීන අධිකරණ කොමිෂමක්  තිබෙනවා. අද මුළු අධිකරණ සේවයටම ආරක්ෂව ලබාදී තිබෙනවා. මැතිවරණ කොමිෂමක් තිබෙනවා. එය ඉදිරියට යන්නේ. අපට බලපෑම් කරන්න බෑ. ස්වාධීන රජ්‍ය සේවා කොමිෂමක් ඇති කරලා, රජයේ සේවකයින්ගේ  ස්වාධීනත්වය අරක්ෂා කර තිබෙනවා. ගැන මුළු ලොවම ප්‍රසංශා කරනවා.

අපි පාර්ලිමේන්තු ඡන්දය තිබ්බා. ප්‍රාදේශීය ඡන්දය තිබ්බා. අපි වෙලාවට ඡන්දය තිබ්බා. අද මේ රටේ මාධ්‍ය නිදහස  බලන්න. එදා කිව්වා නම් කී දෙනෙක් ජීවතුන් අතර සිටියි ද?අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. අපි ඡන්දය  තියනව. පරණ ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියලා අපි සාකච්ඡ කරනවා. ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා  තියෙන්නේ, සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්නේ නැති නිසා. අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. මාධ්‍ය පිළිගන්නවා.  ස්වාධීන කොමිෂන් පළමු වරටයි ක්‍රියාකරන්නේ. අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.අපි  මේ කොමසාරිස්වරුන්ට දීමනා වැඩි කරන්න කටයුතු කරමු යැයි ද පැවසී ය.”

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *