අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සෘජු ආනයනකරුවන් හා නිෂ්පාදකයන්ගේ එකගතාව

Share Button

ලබන මස සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සෘජු ආනයනකරුවන් හා නිෂ්පාදකයින් එකගතාව පළ කරයි. ඔවුන් සහ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ වෙළෙඳ අමාත්‍යංශයේ දි පැවැත්විණි.සතොස හා සමුපකාර අලෙවිසල් සදහා ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ භාණ්ඩ ලබා ගැනිමට සැලසුම් සකස් කර ඇති ආකාරය ඇමතිවරයා පැහැදිලි කළේය.

පසුගිය යහපාලන රජයේ පැවති අදුර්දර්ශි ක්‍රියාපටිපාටිය සම්පුර්ණයෙන්ම වෙනස් කෙරේ. ඒ වෙනුවට වැදගත් වගකීමක් රට වෙනුවෙන් ඉටු කරන සෘජු ආනයනකරුවන් හා දේශිය නිෂ්පාදකයන් සදහා උපරිම සාධාාරණයක් ඉටු කරන බව ඇමතිවරයා කියයි. වසංගත තත්ත්වයේ වුවද ව්‍යාපාර කඩාවැටිමට ඉඩ නොදි පාරිභෝගික ආරක්ෂාව සලසමින් රටේ ආර්ථිකය නිසිපරිදි පවත්වාගෙන යාමට වත්මන් රජය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදී කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *