පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනේ

Share Button

පිලිපිනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික දේශපාලන සමාජීය හා ජාත්‍යන්තර සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීම සදහා නව ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කිරීමට දෙරටේ විදේශ ඇමතිවරු එකග වෙති.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු සදහා 60 වසරක් පිරීම නිමිත්තෙන් පිලිපීන රජයට සුබපැතීම සදහා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පිලීපින විදේශ අමාත්‍ය ටිම්ඩෝරෝ එල්. ලුක්ෂින් මහතා සමග පැවති දුරකථන සංවාදයේදී මෙම එකඟතාවය ඇති කරගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිලිීපින තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමටත් දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳවත් එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ. විදේශ රටවල රැකියා හා ශ්‍රමිකයන් සදහා වැඩි අවස්ථා ලබා ගැනීම පිළිබඳව පිලිපීනයේ අත්දැකීම් බෙදා ගැනීමටත්,ඒ සදහා ශ්‍රී ලංකාවට සහායදීමටත් පිලිපින විදේශ අමාත්‍යවරයා මෙහිදී එකගවී ඇත.

නිෂ්පාදන හා සේවා අංශවලදී සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම දෙරටේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල අතර අදහස් හුවමාරු කර ගැනීමට ද මෙහිදී එම දෙපල එකග වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *