රජය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව තිබෙනවා – ජනාධිපති පවසයි

Share Button

 

රජය සමඟ සාකච්ඡා කර ගැටළු විසදා ගැනීමට අවස්ථාව තිබියදීත් විරෝධතා හා වර්ජන ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අහිංසක පොදු ජනයාට පීඩාවට පත් නොකර බුද්ධිමත්ව හා මානුෂීයව ගැටළු විසදාගන්නට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමන් දුම්රිය හා වෛද්‍ය වෘත්තීය කණ්ඩායම් වලින් ඉල්ලා සිටියේය.

උසස් පෙළ විභාගයට පෙනි සිටන දරුවන්ට ඇතිවී තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ජනාධිපතිතුමන් පවසා සිටියි.

අද (09) කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *