සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළ ආයතන 88 කට එරෙහිව නඩු

Share Button

බස්නාහිර පලාතේ ඊයේ සිදුකළ මෙහෙයුමකදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළ ආයතන 88 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 909 ක් ඊයේ පරීක්ෂාවට ලක් කෙරිණ. පසුගිය 10 වැනිදා සිට මේ දක්වා බස්නාහිර පළාතේ පරීක්ෂාවට ලක් කෙරුනු ආයතන සංඛ්‍යාව 7828 ක් වන අතර එහිදී 1089 කට නඩු පවරා තිබේ. තවත් ආයතන 219 කට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

අද පෙරවරු 6.00 න් අවසන් පැය 24 තුළදී මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 24 දෙනෙකුට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි. රිය අනතුරු කිහිපයකින් ඊයේ පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *