බස්නාහිර පළාතෙන් පිටවන සියලු වාහනවල ගමන් කරන අයට කොවිඩ් පරීක්ෂණ.
හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණවලට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ලබන මස පළමු වැනිදා තෙක් බස්නාහිර පළාතෙන් පිටවන පිවිසුම් මාර්ග 11 ක් ආවරණය වනපරිදි මෙම පරීක්ෂණ සිදු කෙරේ.
පසුගිය දින කිහිපයේදී පොදු ප්‍රවාහන සේවා හා පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස්රථ ආශ්‍රිතව මෙවැනි පරීක්ෂණ දහසක් පමණ සිදුකර ඇත.