ආසියානු ක්රීඩා උලෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සදහා ශ්රිී ලංකාවෙන් ක්රීඩක ක්රීඩිකාවන් 6 දෙනෙක්
මෙවර ආසියානු ක්රීඩා උලෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සදහා ක්රීඩක ක්රීඩිකාවන් 6 දෙනෙකු සහභාගි කරවන බව ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය කියයි. ක්රීඩකයෝ සිව් දෙනෙක් හා ක්රීඩිකාවෝ දෙදෙනෙක් එම කණ්ඩායමට ඇතුලත් වෙති. කේවල ඉසව් සදහා පමණක් ශ්රිී ලංකාව සහභාගි වෙයි. ශ්රිී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමට ඉන්දුනිීසියානු පුහුණුකරුවෙකු යටතේ වැඩිදුර පුහුණුවක් ලබා දුන් බව ශ්රීී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිශාන්ත ජයසිංහ මහතා කියයි. ආසියානු ක්රීඩා උලෙල ඉන්දුනිීසියාවේ ජාකර්තා නගරයේ දී ලබන 18 වැනිදා ඇරඹේ.