ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට
ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ලක්ෂ 5 ක එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට ස්වල්ප වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොලට ලගා වු බව එහි සිටින අප වාර්තාකරු කියයි. ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ අයි 281 දරණ ගුවන් යානයෙන් මෙම ඖෂධ මෙරටට ගෙනඑනු ලැබීය.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එහිදී එම එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිල වශයෙන් භාර දුන්නේය. මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත යොමු කෙරෙනු ඇත. අවශ්‍ය ශීතාගාර පහසුකම් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් පවති.
කොරෝකා මර්දන වැඩපිලිවෙලේ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පළමුවෙන් එන්නත් කිීරීමට නියමිතයි. ඉන් අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයෝ එන්නත් කෙරෙති. එන්නත්කරණ වැඩපිළීවෙල හෙට ඇරඹේ.
ඉන්දීය නව මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී විය. ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ මහ කොමසාරිස්වරයාට සෙත් පැතුහ.