ජාතික ගුවන් විදුලියේ අභ්‍යාස හා පුහුණු වැඩසටහන් තවදුරටත් පුඵල් කිරීමට සැලසුම්

Share Button

ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ නිෂ්පාදන හා සන්නිවේදන සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූවන්ට සහතික පිරිනැමීම සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ සිදුවිය. අභ්‍යාසලාභීහු 36 දෙනෙක් එහිදී සහතික ලැබුහ. එහිදී අදහස් දැක්වු සංස්ථා අධයක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා දැනට කොළඹ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යාස අයාතනයේ හා කොත්මලේ මාධ්‍ය ඇකඩමියෙන් ලබාදෙන පුහුණුව සෙසු ප්‍රාදේශීය සේවාවලට ද ව්‍යාප්ත කරන බව සදහන් කළේය.

එහි පළමු අදියර ලෙස මාතර . අනුරාධපුර හා වයඹ සේවාවල එම කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ. සංස්ථාවේ ක්‍රියාකාරිී අධ්‍යක්ෂ එම්. ජේ. ආර් ඩේවිඩ් මහතා පැවසුවේ බහු මාධ්‍ය ගුවන්විදුලි සන්නිවේදන සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සදහා ගුවන්විදුලි ඩිජිටල් අංශය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවයි. ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ පුහුණු වපසරිය සහ ධාරිතාව දෙගුණ කර ඇතැයිද ඔහු සදහන් කළේය. අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ තිළිණ සමරසුරිය මහතා ද අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *