කොවිඩ් එන්නත හෙට සිට රටම ආවරණය වන පරිදි

Share Button

එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශවලට ලබාදීමේ කටයුතු අද ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන ඇය සදහන් කරයි.ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තමා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බැවින් අද ආරම්භ වු කොරෝනා එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට තමාට නොහැකි වුවත් එම වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බව අමාත්‍යවරිය පැවසුවාය. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය සහ මැදිහත්වීම මත එන්නත බලාපොරොත්තු කාලයටත් පෙර ලබා ගැනීමට හැකිවු බව ඇය ප්‍රකාශ කළාය. මේ සදහා සහාය දුන් සියලු දෙනාට තමා ස්තුතිය පළ කරන බව අමාත්‍යවරිය සදහන් කළාය. බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වු එන්නත් ලබාදීම හෙට සිට මුඵ දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙනුවෙන් ක්‍රියාවට නැංවේ. මෙරට සියලු ජනතාවටද ඉදිරියේදී එන්නත ලබා දෙන බව සදහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් එය රටින් තුරන් කිරීමට කැප වී කටයුතු කරන බව පැවසුවාය.

කොළඹ ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි. ඉදිරි දින කිහිපය තුල ඔවුන්ට එන්නත ලබා දෙන අතර එහි දෙවැනි මාත්‍රාව ලබන මාසයේ ලබා දෙන බව ඔහු සදහන් කළේය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 7 කදී හෙට දිනයේ කොරෝනා එන්නත ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ගම්පහ සහ මීගමුව මහ රෝහල්වලදීත් කිරිබත්ගොඩ මීරිගම මිනුවන්ගොඩ හා වතුපිටිවල මුලික රෝහල්වලත් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේත් එය සිදු කෙරේ. පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක් මෙහිදී එන්නත් කිරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *