යහපාලන රජය සමයේදි ජගත් මානව හිමිකම් කොමිසම රැස්වන සෑම අවස්ථාවකදිම අභුත චෝදනා එල්ල කොට රණවිරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති

Share Button

ජගත් මානවහිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් ඇයට පෙර එහි කටයුතු කල කොමසාරිස් සයිඩ් අල් හුසෙන් කුමරුගේ කටයුතු ඉදිරියට ගෙන යන රූකඩයක් ලෙස විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.පසුගිය කාලය තුල දරුස්මාන් වාර්තාව තුලින් ශ්‍රි ලංකාව යුද අපරාධ කල බවට සදහන් වු කරුණු තවදුරටත් පාදක කරගනිමින් මිචෙල් බැච්ලට් ක්‍රියා කරමින් සිටි.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාව සිටි බැංකි මුන් මහතා ශ්‍රි ලංකාවේ යුධමය තත්ත්වය සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමින් තමන්ට තොරතුරු දැනගැනිම සදහා පත්කල දරුස්මාන් කමිටු වාර්තාව මගින් ශ්‍රි ලංකාවේ යුද අපරාධ කල බවට තොරතුරු වාර්තා කලේය. එය එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුමැතියට යටත්ව පත්කල සංවිධානයක් නොවේ. නමුත් බැංකි මුන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවකදි මෙම වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබිය.

එම කමිටුවේ සාමාජිකයෙකු වන යස්මින් සුකා , ස්ටිව් රැන්ඩල් වැනි අය ශ්‍රි ලංකාව යුද අපරාධ කල බවට අතිීතයේ සිටම චෝදනා කල අය වෙති. ඔවුන් දෙමළ ඩයස්පෝරාවේ අතකොලු ලෙස බොහෝ අවස්ථාවලදි ක්‍රියාකර තිබෙ. එම කමිටු වාර්තාව සකස් වි තිබුනේ විවිධ දේශද්‍රෝහි පුද්ගලයින් ඔවුන් වෙත ලබාදුන් විද්‍යුත් තැපැල් පණිවිඩ මගිනි. බොහෝ තොරතුරුවලට ඒවා තහවුරු කිරිමට සාක්ෂි නොමැත.ශ්‍රි ලංකාවට කරුණු දැක්වීමටද කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ඔවුන් එක්පාර්ශවිකව මෙරටට පහරගැසිමට එම වාර්තාව යොදා ගත්තේය. ස්වාභාවික යුක්ති මුල ධර්ම න්‍යායට පටහැනිව ඔවුන් මෙය සකස් කර තිබේ.

2015 ඔක්තෝම්බර් 1 වැනිදා එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා දරුස්මාන් වාර්තාවට සහයෝගය පලකරමින් තිහ එක යෝජනාවට සහය පලකිරිමට ඉදිරිපත් විය. එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඔහු මෙම ඒකපාර්ශවික තින්දුව ගෙන රට පවාදුන්නේය. ඒ අනුව වග වීමේ යාන්ත්‍රණය මෙරට තුල ක්‍රියාත්මක කිරිමට ඔහු ජගත් මානව හිමිකම් කවුන්සිලයට පහසුකම් සපයන ලදි.

එහෙත් වත්මන් රජය බලයට පත්වු වහාම ජිනිවා වෙත කරුණු ඉදිරිපත් කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම යෝජනාවලියෙන් ශ්‍රි ලංකාව ඉවත්වන බව ජගත් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය. එම කාලයේදි අමෙරිකා එක්සත් ජනපදය ද මෙම කවුන්සිලයෙන් ඉවත්වුයේ ඉන් කිසිදු යහපත් ක්‍රියාවලියක් තම රටට හෝ සිදුනොවන නිසාය. පසුගිය යහපාලන රජය සමයේ ජගත් මානව හිමිකම් කොමිසම රැස්වන සෑම අවස්ථාවකදිම මෙරට රණවිරුවන්ට අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිරගත කලේය.

මේ අතර අද නාරාහේන්පිට පැවැති වැඩසටහනකදි අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහතා පැවසුවේ ස්වාධින රටක අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවයි.ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් කල වාර්තාව අසත්‍ය එකක් බව ඔහු කිවේය. ඊට අදාලව ශ්‍රි ලංකාවේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරිමට ක්‍රියාකරන බව ඇමතිවරයා පවසයි.

මේ අතර ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපය වැඩසටහනට එක්වු යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පලකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *