මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බවට පිළිගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

Share Button

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක බවට පිළිගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පෙන්වා දෙන්නේ එරට පැවැති මහ මැතිවරණය ආපසු හැරවීමට ගනු ලබන උත්සාහය පිළිගත නොහැකි බවයි. කුමන්ත්‍රණය සිදුකළ හමුදා නායකයන් රට පාලනය කිරීමේ ක්‍රමවේදය මෙය නොවන බවට අවබෝධ කරගත යුතු බව හෙතෙම සදහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය මියන්මාරයේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කළද හමුදා කුමන්ත්‍රණ හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට චීනය මෙතෙක් ක්‍රියාකර නැත. හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වී සිටි නායිකා අවුන්සාන් සුඛී මහත්මිය අත්අඩංගුවට ගැනිණ. මේ වනවිට සුඛී මහත්මියට විරුද්ධව එරට පොලිසිය චෝදනා රැසක් ගොනුකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *