මියන්මාර හමුදාව රටේ ඉහළපෙළේ දේශපාලන නායකයන් මර්දනය කිරිමේ වැඩපිළිවෙල තවදුරටත්

Share Button

මියන්මාර හමුදාව රටේ ඉහළපෙළේ දේශපාලන නායකයන් මර්දනය කිරිමේ වැඩපිළිවෙල තවදුරටත් තර කර තිබේ. අවුන් සාන් සුකී මහත්මියගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන වින්ග් හිටේන් මහතා අද පෙරවරුවේ හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බී බී සී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ දේශද්‍රෝහී නිති යටතේ තමා අත්අඩංගුවට ගත් බවයි. මේ වනවිට සුකි මහත්මිය ඇතුලු දේශපාලන නායකයෝ රැසක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු වාර්තා නොවේ.

මියන්මාර දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනිම හෙලා දකිමින් එරට තුළ සිදු කෙරෙන උද්ඝෝෂණ තවදුරටත් ඉහළ ගොස් තිබේ. අවුන්සාන් සුකී මහත්මියගේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගයේ නිති සම්පාදකයෝ 70 කට අධික පිරිසක් එරට අගනුවර විරෝධතාවල නිරත වෙති. මේ අතර මියන්මාර රජයේ මාධ්‍ය වාර්තා කළේ එරට හමුදා ප්‍රධානියා ඊයේ බැංකු ඇතුඵ ආර්ථික ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරින්ගේ හමුවකට එක් වූ බවයි.

එහිදි ඔහු දේශිය ආර්ථිකය ස්ථාවර මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඉල්ලිමක් කර ඇත. එරට ශ්‍රේෂ්ඨාධිකරණය සදහා අලුතින් විනිසුරුවරුන් පත් කරන බවටද හමුදාව නිවේදනය කර ඇත. මේ අතර ජගත් ආරක්ෂක කවුන්සිලය හමුදා කුමන්ත්‍රණයකින් අත්අඩංගුවට ගෙන සිටින සියලු දේශපාලන නායකයන් නිදහස් කරන ලෙස එරට හමුදාවට දැනුම් දි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *